අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය තුළ වසර ගණනාවක් ජීවත් වූ පෝනියන් තිදෙනා

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය තුළ වසර ගණනාවක් ජීවත් වූ පෝනියන් තිදෙනා ගම්පොල ජනතාවගේ නිතර ආදරේට ලක් වූ අතර, එම ආදරය නිසාම සිංහාපාටිය හා ගම්පොළ නගරය ආශ්‍රිතව නිතර දෙවේලේ ඔවුන්ව දැකීම සුලබ දසුනක් විය. අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් මෙම සතුන්ව කිසිම දිනක හිංසාවට පත් වන ලෙස කොටු කර තැබුවේ ද නොමැත. තවද මෙම සතුන් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය තුල ඉපදී හැදී වැඩුණු අතර ඔවුන්ගේ නිදහස කිසිම විටකදීවත් අවහිර කළේ නැත. ...පසුගිය දිනයක රාත්‍රියේ දී එක් සතෙකු හදිසි අනතුරකට ලක්විය. එදින ගම්පොල පශු වෛද්‍ය තුමා, ගම්පොළ පොලිස් අධිකාරි තුමා ඇතුළු නිලධාරීන් ද, ප්‍රදේශවාසී සියලුදෙනාගේම උදව් උපකාර හා සහයෝගය මත ප්‍රතිකාර කළේය. පසුදින 2004 පටන් සතුන් වෙනුවෙන් ඉදිකර තිබූ ගාල සඳහා ඔවුන් රැගෙන ගිය අතර හදිසියේම එක් සතෙකු මිය ගියේ පෙර දින (2019/06/10)සිදු වූ අණතුර නිසා අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වූ නිසා වෙනි. සමාජ මාධ්‍ය තුළින් ඇතැමුන් විවේචනය කර තිබුණේ ආහාර නොමැති කමින් සතා මියගිය ලෙසටත්, තව ඇතැමුන් ප්‍රකාශ කොට තිබුනේ කෑම නොමැතිකම හේතුවෙන් ගම්පොළ නගරයට පැමිණි බවත් ය. සතුන් නගර වැසියන්ට හුරුවීම හා ආදරයට පාත්‍ර වීම වැනි කරුණු නිසා ඔවුන් නගරයට යාම සුලභ දසුනක් විය. එම සතුන් වෙනුවෙන් ඉදිකර ඇති සත්ත්ව ගාලයේ ඡායාරූප පෙළක් ද මෙලෙස පළ කරන අතර එම සියළු ජනතාවට ඔවුන්ව දැක බලා ගැනීමට පෙර පරිදිම ඔවුන්ට ඒ ආහාර ලබා දෙන ලෙසටත් ආදරය, සෙනෙහස, කරුණාව හා දයාව දක්වන ලෙසටත් ඒ සියලු දෙනාටම ඒ සඳහා අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට පැමිණෙන ලෙසත් අපි ගෞරවයෙන් ආරාධනා කරමු. පෙර පරිදි නිදැල්ලේ උන් ගම්පොළ නගරය, සිංහාපිටිය මාර්ගයේ ගොස් නිවෙස් ලඟට පැමිණිමට විවිධ සමාජ මාධ්‍යයන්හි පලවූ කරුණු කාරණා අතර ඉඩඇරීම සුදුසු නොවන බවත්, ඔබ මෙතරම් ආදරය කරත් ඔබ ඔවුන් රැකබලාගෙන ආහාර දී කොතරම් කටයුතු කරත් ඔවුන් එම මාර්ගය දිගේ එසේ යැවීම සුදුසු යැයි අප භාරකාර මණ්ඩළය නොසිතමු. ඒ නිසා අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට පැමිණ ඔවුන් දැක බලා පෙර පරිදිම ඔවුන්ට ඔබේ දයාව කරුණාව ඒ සියල්ල දක්වන ලෙස අප ගෞරවයෙන් ඉල්ලමු. "මෙම කොරෝනා සංචරණ සීමාවන් තුළදී නිවෙස් තුළටම වී රැඳී සිටිය යුතු අතර, නිවසින් එළියට බැස කඩමණ්ඩියට යන පැය භාගය අතර තුළද හදිසි අනතුරකින් හෝ තම ජීවිතයට අනතුරක් විය හැක. ඒ සත්ත්වයෙක් වැනි පෝනියෙකුටද මිනිස් ජීවිතයකටද එක හා සමාන විය හැකියි. එම නිසා ඔබේ ජීවිතය පිළිබඳව අවධානමින් කටයුතු කරන්න."


මහනුවර වාරි සංවර්ධනයට ලක්ෂ 3000ක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඇති සියලු වාරි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරලා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි. මත ගැටුම් නොමැති බවත් රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවරුන්, දේශපාලන අධිකාරිය, ගොවිසංවිධාන සියලු දෙනාගේ එකතුවෙන් සැමගේ අදහස් ලබා ගැනීමෙන් සංවර්ධන කටයුතු සිදු කරන බවත් ඔහු පවසයි. ඒ අනුව මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනයට වෙන්කර ඇති මුදල ලක්ෂ 3000කි....පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූයේ එකම වැව කීපවිටක් හාරමින් අසරණ ගොවියා ලැබෙන ජලය විනාශ කරමින් ගොවි ජනතාව අපහසුතාවයට පත් කිරීම පමණක් බවද චමල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ තමයි අපි මේ සියලු වැඩකටයුතු සාර්ථකව කර ගෙන යන බවද අමත්‍යවරයා මතක් කළේය. කෘෂිකර්මාන්තයෙන් මෙරට ස්යංපෝෂිත කිරීම පෙරටු කරගනිමින්”වාරි සෞභාග්‍යා” ජාතික වැඩසටහන සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ සියලුම වැව් අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇත. මෙමගින් ගොවීන්ට පසුගිය කාලය පුරා තිබූ කෘෂිකාර්මික ගැටලු වලට නිසි පිළියමක් ලැබෙන අතර කුඹුරු අක්කර 150 අධික ප්‍රමාණයක් වගා කරමින් පුරන් වී ඇති කුඹුරු අස්වැද්දීමටද මෙමගින් මහත් පිටිවහලක් වේ. එහිදී අදහස් දැක්වූ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා.. ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳීමට,මේ පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීමට අවශ්‍ය සහයෝගය,උපකාරය ලබාදීමට මා ඇතුළු අප වාරිමාර්ග අමාත්‍යාංශය කිසි මොහොතක පසුබට වෙන්නේ නැහැ. මහනුවර දිස්ත්‍රික්කයට වාරි සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුදල ලක්ෂ 3000ක්. පසුගිය ආණ්ඩුව කාලයේ ගමේ පාර හදන්න ඇළවේලි ටික හදාගන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු කොච්චර නම් පාරට බැහැලා උද්ඝෝෂණය කලාද ? ඒ උද්ඝෝෂණ වලට තිත තියලා ගොවියගෙ දුක හඳුනන නිසා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් “ගම සමග පිළිසදරක්” වැඩසටහන තුළින් ඔබේ ගමටම ඇවිල්ලා ඒ පිළිබඳ සොයා බලලා සෑම ප්‍රශ්නෙකටම නිවැරදි විසඳුම් ලබා ඒ මොහොතේම ලබාදෙන්නේ. ඔබ අප සියලු දෙනා එකතුවෙලා මේ හදලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන නිසි විසඳුම් ලබා දෙන රජයක්. ආණ්ඩුවක්. අන්න ඒ ඔබල ගත් හරි තීන්දුව හින්ද තමයි අද අපි ඔබල ළඟට ඇවිත් ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔබේ ගමේ ඔබේ නගර සංවර්ධනයට මුල්තැන දීලා කටයුතු කරන්නේ. මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,රාජ නිලධාරීන් දේශපාලන නායකයන් සහ ප්‍රදේශයේ සියලුම ජනතාව එක් වී සිටියහ.


ගම්පොලට නව අධිකරණ සංකීර්ණයක්

රුපියල් මිලියන 60 වියදම් කරමින් ගම්පොල නව අධිකරණ සංකීර්ණයේ නීතිඥ කාර්යාල පද්ධතිය සඳහා මුල්ගල තැබීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද(02) පස්වරුවේ සිදු කෙරිණි....මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, ගම්පොල නීතිඥ සංගමයේ සභාපතිනි හිමාලි දෙහිගල යන මහත්ම මහත්මීන් හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිඥවරු, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුලු පිරිසක් එක්විය. මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා ඇතුලු පිරිස ඉදිවෙමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. 1972 වසරේදී නව අධිකරණ සංකීර්ණය ඉදිවෙමින් පවතින භූමිය වෙන් කර ඇති අතර 2015 වසරේදී මෙහි ඉඩම් අත්පත් කර ගැනීම සිදුකර තිබේ. පසුව 2016 වසරේදී මුල්ගල තැබීමේ කටයුතු සිදුව ඇත. මෙම අධිකරණ සංකීර්ණ මහල් දෙකකින් සමන්විත අංග සම්පූර්ණ අධිකරණ සංකීර්ණයක් ලෙස වීමට කටයුතු සුදානම් කර ඇත.


මේ තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන ආණ්ඩුවක් - ඇමැති අනුරාධ

මේ තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන නිසි විසඳුම් ලබා දෙන ආණ්ඩුවක් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. කෘෂිකර්මාන්තයෙන් මෙරට ස්යංපෝෂිත කිරීම පෙරටු කරගනිමින් "වාරි සෞභාග්‍යා" ජාතික වැඩසටහන සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ සියලුම වැව් අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද(06) දින ආරම්භ කෙරිණ.... “ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳීමට,මේ පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීමට අවශ්‍ය සහයෝගය, උපකාරය ලබාදීමට මා ඇතුළු අප වාරිමාර්ග අමාත්‍යාංශය කිසි මොහොතක පසුබට වෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූයේ එකම වැව කීපවිටක් හාරමින් අසරණ ගොවියා ලැබෙන ජලය විනාශ කරමින් ගොවි ජනතාව අපහසුතාවයට පත් කිරීම පමණයි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ තමයි අපි මේ සියලු වැඩකටයුතු අපි සාර්ථකව කරගෙන යන්නෙ. අනිත් එක මේ සියලු කටයුතු කරගෙන යන්නේ රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවරුන්, දේශපාලන අධිකාරිය, ගොවිසංවිධාන සියලු දෙනාගේ එකතුවෙන්. ඒ අදහස් විමසමින් තමයි මේ කටයුතු සියලු දේ අපි කරගෙන යන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඇති සියලු වාරි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරලා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුකල යුතුයි. “මහනුවර දිස්ත්‍රික්කයට වාරි සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුදල ලක්ෂ 3000ක්. පසුගිය ආණ්ඩුව කාලයේ ගමේ පාර හදන්න ඇළවේලි ටික හදාගන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු කොච්චර නම් පාරට බැහැලා උද්ඝෝෂණය කලාද...? ඒ උද්ඝෝෂණ වලට තිත තියලා ගොවියගෙ දුක හඳුනන නිසා තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් "ගම සමග පිළිසදරක්" වැඩසටහන තුළින් ඔබේ ගමටම ඇවිල්ලා ඒ පිළිබඳ සොයා බලලා සෑම ප්‍රශ්නෙකටම නිවැරදි විසඳුම් ලබා ඒ මොහොතේම ලබාදෙන්නේ. ඔබ අප සියලු දෙනා එකතුවෙලා මේ හදලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන නිසි විසඳුම් ලබා දෙන රජයක්.ආණ්ඩුවක්. අන්න ඒ ඔබල ගත් හරි තීන්දුව හින්ද තමයි අද අපි ඔබල ළඟට ඇවිත් ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔබේ ගමේ ඔබේ නගර සංවර්ධනයට මුල්තැන දීලා කටයුතු කරන්නේ.“


රටේ සංවර්ධනය දරාගත නොහෙකිව විපක්ෂය විවිධ මතවාද හදන්න උත්සහ කරනවා… අමාත්‍ය අනුරාධ ජයරත්න

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ගම්පොලදී ප්‍රකාශ කරයි. අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව සියලු ගම් බිම් වල ඇති මුලික අවශ්‍යයතා සම්පුර්ණ කිරීම වැඩ පිලිවල යටතේ ගම්පොල ප්‍රාදේශීයේ විශේෂ ජල ව්යා‍පෘති කීපයක් වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ආරාධනයෙන් ග්‍රාමීය හා දේශීය පානිය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්දන රාජ්‍යය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/03/21 දා ආරම්භ කරනු ලැබීය.... මෙම ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කරමින් ගුරුකැලේ ගම , සොගමා ගම , මෙල්ෆට් වත්ත , නිව් මෙල්ෆට් වත්ත , බී.එෆ් වත්ත ,මිහින්දෙණිය ගම යන ගම්මානවල ජල ව්යායපෘති ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150කට අධිකාරිය ප්ර මාණයක් ඇස්තමේන්තුගතකර ඇති අතර මෙමගින් පවුල් 3500කට අධික ප්රජමාණයකගේ පානීය ජල ගැටලුව විසදේ. එහිදී අදහස් දැක්වූ අනුරාධ ජයරත්න මහතා … රටේ ජනතාවගේ මූළිකත ගැටළු ටික සම්පූර්ණ කරන්න බැරිනම්,ලයිට් ටික වතුර ටික දෙන්න බැරි නම් ඇති වැඩක් තියෙනවද…..එක තේරුම් ගත්ත නිසා තමයී ගෝඨාබය ජනාධිපති තුමා බිම් මට්ටමේ ඉඳල වැඩ කරන්න “ගම සමග පිළිසරණක්” තුලින් ඔබේ ගමටම එන්නේ.එහිදී ගමෙන් ලැබෙන අදහස් තමයි රාජ්‍ය ආමාත්‍යශයේ යෝජනා විදිහට ක්‍රියාත්මක වෙන්නේ යැයි රාජ්යා අමාත්ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. කෙරෝනා ව්යා්සනය එක්ක අපේ රටේ හැම පැත්තක්ම කඩා ගෙන වැටිලා. සංචාරක ක්ෂේත්රනයේන් රජයට ලැබෙන ආදායම් එහෙම්පිට්න්ම නැතිවෙලා. රජයට ලැබෙන ආනයන බදු මුදල් සේරම අහිමි වෙලා.නමුත් එහෙමයි කියල ජනාධිපතිතුමාවත් අගමැතිතුමවත් රටේ සංවර්ධන කාර්ය නතර කලේ නෑ. නමුත් කොරෝනා නෙවෙයි මොන ව්යැයසන තිබ්බත් සංවර්ධ වගේම ජනතාව බලාපොරොත්තු වන සියලු කාරණා ඉදිරියට ගෙනියන්න රජයක් විදියට ජනාධිපතිතුමත් අගමැතිතුත් කටයුතු කරන බව ඔබ සියලුම දෙනාට මා මතක්කර සිටිනවා . විපක්ෂය මේවා ගැන විවිධ මතවාද හදනවා.සමහර විපක්ෂ දේශපාලන කණ්ඩායම් විවිධ මතවාද හදනවාට සමහරු විවිධ දේවල් කියන්න උත්සහ කළා. අධීවේගී මාර්ගයක් හදනකොට ගහක් පෙන්නලා කිව්වා. අධිවේගී මාර්ගය නතර කරන්න කියලා. ඒක වෙනස් කරන්න බිලියන 88ක් යනවා. මේ සල්ලි ජෝන්ස්ටන් ප්රටනාන්දු ඇමැතිතුමාගේ සාක්කු වෙන් එන සල්ලිද? අපේ සාක්කුවෙන් එන සල්ලිද නැහැ. මේවා අපේ මහජනතාවගේ සාක්කුවෙන් එන සල්ලි. අද ඔය කියන විදිහට කටයුතු කළා නම් පොල්ගොල්ල, රන්ටඹේ රන්දෙණිගල, කොත්මලේ, කියන එක ජලාශයක්වත් ඇත්තේ නෑ. අපි පරිසරයට ආදරය කරන මිනිස්සු. හැබැයි කවුරු හරි කියනවනම් එකම ගහක්වත් කපන්නේ නැතිව පාරවල් හැදෙන්න ඕන කියලා ඒ කියන උන්දැලා එදා හිටියනම් අද මේ විදිහට පාරවල් ලොකු කරලා කාපට් කරන්න වෙන්නේ නෑ. එයාල කියන විදිහට මේ රට හදන්න පුළුවන් කමක් නෑ. ඔය කියන සංවර්ධනය ඒ අය කලෙත් නැ..කරන කෙනාට අකුල් හෙලනවා.කවුරු මොන මොන වැරැදී ප්රලචාර ඇරියත් අපේ මේ ශ්රීන ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ රට සංවර්ධනය වන එක,ගම සංවර්ධනය වන එක කිසිම කෙනෙකුට නවත්වන්නට බෑ…


රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ගම්පොලදී ප්‍රකාශ කරයි. වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය, ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.... 1938 ආරම්භ කර ඇති රජ ඇල අමුණ 1994 වසරේදී අවසන් වරට ප්‍රතිසංස්කරණය කල ඇති අතර ඉන් පසු මේ වනතෙක් කිසිදු ප්‍රතිසංස්කරණය කටයුත්තක් සිදු වී නොමැත. මෙම අමුණ සංවර්ධන කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යංශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වෙන් කරන ලද ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 15 ක් වේ. රජ ඇල අමුණ සංවර්ධනය කිරීම තුළින් අක්කර 1100ක භුමි ප්‍රමාණයක වගා කිරීම් කටයුතු සිදු කළ හැක. මෙමගින් උලපනේ උතුර, උලපනේ දකුණ, උඩගම, තැබිලිගල, හලාගම, උඩමාකේ,ජයමාලපුර,ගම්පොලවෙල ඇතුලු ප්‍රදේශ කීපයක් මෙම වාරි පද්ධතිය හරහා නැවත අස්වැද්දීමට නියමිතයි. රජ ඇල ව්‍යාපාරයට කුඹුරු අමුණු 65 අයත්වේ. මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට නියමිතය.


Twitter Google Plus Share
Social Updates